මොකද්ද මේ SQL?

Share with your friends!

SQL, එහෙමත් නැත්නම් Structured Query Language එක database එක්ක ගනුදෙනු කරන්න භාවිතා කරන ඇමරිකානු ප්‍රමිති ආයතනය(ANSI) විසින් 1986දී ද, අන්තර්ජාතික ප්‍රමිති ආයතනය(ISO) විසින් 1987 දී ද අන්තර්ජාතිකව පිළිගත් භාෂාව විදියට සරලව හදුන්වන්න පුළුවන්.මේ භාෂාව මගින්,

  • නව database නිර්මාණයට
  • සාදන ලද database වලට දත්ත එකතු කිරීමට
  • එකතු කල දත්ත update කිරීමට
  • දත්ත සකසා තොරතුරු ලබාගැනීමට
  • දත්ත delete කිරීමට

මේ වගේ දත්ත සමග කරන ක්‍රියාවලි ගණනාවක් සිදු කිරීමට හැකියාව ලැබෙනවා.ඒ සදහා relational database management system (RDBMS) එකක් අවශ්‍ය වෙනවා.SQL භාවිතයෙන් database සමග වැඩ කිරීමට නිර්මාණය කර ඇති පද්ධති මේ නමින් හදුන්වන අතර  Oracle සමාගමේ Oracle Database, Oracle සමාගමේ MySQL, Microsoftලගේ  SQL Server, PostgreSQL හා IBM සමාගමේ DB2 ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා.මේවා අතරින් MySQL නොමිලේ ලබාගත හැකි එකක් වන අතර අනෙක් සේවා සදහා මුදල් ගෙවීමට සිදුවේ.මුදල් ගෙවා ලබාගන්න සේවා වල වෙනස වන්නේ database වල ගැටළුවක් ඇති වූ විට සේවා දායකයාගේ සහය සෘජුවම ලබාගත හැකි වීමයි.නැතහොත් මතුවන ගැටළු වලට පිළිතුරු අපටම සොයාගැනීමට සිදුවේ.එමෙන්ම ආරක්ෂාව අතින්ද සුළු අඩුපාඩු පවතී.

SQL Commands

SQL Commands කියලා හදුන්වන්නේ database එකේ table සමග ගනුදෙනු කිරීමේදී භාවිතා කරන keywords, එහෙමත් නැත්නම් codes.මේ codes වල භාවිතය අනුව වර්ග 3කට වෙන් කරලා දක්වලා තියනවා.

  • DDL – Data Defnition Language

CREATE – table එකක් හෝ වෙනත් object එකක් database එකේ සැදීමට

ALTER – database එකේ table එකක් හෝ වෙනත් object එකක් modify කිරීමට

DROP – database එකේ table එකක් හෝ වෙනත් object එකක් remove කිරීමට

  • DML – Data Manipulation Language

SELECT – table එකකින් හෝ කීපයකින් දත්ත ලබා ගැනීමට

INSERT – table වලට data/records ඇතුලත් කිරීමට

UPDATE – table එකට ඇතුලත් කල data/records යාවත්කාලීන කිරීමට

DELETE – table එකකින් data/records ඉවත් කිරීමට

  • DCL – Data Control Language

GRANT  – user privileges එහෙමත් නැතිනම් userගේ බලතල define කිරීමට

REVOKE – ලබා දුන් බලතල (privileges) ඉවත් කිරීමට

Database භාවිතයේදී වැඩිපුරම භාවිතා වෙන commands විදියට SELECT, INSERT, DELETE, UPDATE කියන commands දක්වන්න පුළුවන්.මේ commands වල භාවිතය වෙනත් පොස්ට් එකකින් විස්තර කරන්නම්.

Share with your friends!

Leave A Comment

shares