ජනෙල් 8 ලස්සන නැති වීම

Share with your friends!

මේ බ්ලොග් එකේ මුලින්ම ලියන වින්ඩොව්ස් ට්‍රික් පොස්ට් එක තමයි මේ ලියන්න යන්නේ.වෙලා තියෙන්නේ මොකද්ද කියලා එක පාරට තේරෙන්නේ නැතුව ඇති.පහල image එක දැක්කම හිතාගන්න පුළුවන් වෙයි වෙලා තියෙන්නේ මොකද්ද කියලා.

Untitled9

ලස්සන icon තියන Metro UI එක මේ වගේ උනාම කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ.සේරම icon මේ විදියට අදුරගන්න බැරි විදියට වෙනස් වෙනවා.මේක virus නිසා වෙන දෙයක් නම් නෙමෙයි.ටිකක් විතර අමුතු දෙයක් කියලා දැනටම හිතිලා ඇතිනේ.ඉතින් මේක පොස්ට් එකක් විදියට ලියන්න හිතුණා.දැන් බලමු මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා.

ජනෙල් 8 එක්ක එන Metro UI එකේ තියෙන්නේ වෙනම icon සෙට් එකක්.icon කිව්වට ඇත්තටම තියෙන්නේ symbol තියන font එකක්.font එකේ නම තමයි Segoe-UI-Symbol-Font.font එක වෙනුවට වෙන version එකක් replace උනාම තමයි මේක වෙන්නේ.තව font corrupt උනාමත් මෙහෙම වෙන්න පුළුවන්.font එක මෙතනින් අරගන්න.(window එක open උනාම ctrl+s දෙන්න)

ඊටපස්සේ font එක install කරලා කොම්පියුටර් එක restart කරලා බලන්න.ආයෙත් කලින් විදියටම Metro UI එක වෙනස් වෙලා ඇති.

Untitled

 

Share with your friends!

Leave A Comment

shares