Database – I – Introduction

Share with your friends!

මුලින්ම බලමු database එකක් කියන්නේ මොකද්ද කියලා.

සරලව කියනවා නම් database එකක් කියන්නේ දත්ත සමුහයක් යම් පිළිවෙලකට පෙළ ගස්වලා රැස් කරලා තබා ගැනීම කියලා හදුන්වන්න පුළුවන්.ඒ වගේම tables රාශියක එකතුවක් කියලත්
හදුන්වන්න පුළුවන්.පහල තියන image එකෙන් ඒක පැහැදිලි කරගන්න පුළුවන්.

database

table එකක් කියලා හදුන්වන්නේ database එකේ දත්ත ගබඩා කරලා තියන අංශයක් කියලා විස්තර කරන්න පුළුවන්.table එකකින් අපිට design කරන්න තියන database එකේ තියන පණ ඇති/පණ නැති දේවල් නිරුපණයත්, ඒවා වල සම්බන්ධතා(විශේෂ අවස්ථා වලදී විතරයි) නිරුපණය කිරීමත් කරනවා.table නිර්මාණය තීරණය වෙන්නේ අපිට කරන්න තියෙන දේ අනුව.ඒ කියන්නේ අපි දෙන්න ඕන solution එකට ගැලපෙන්න.මේ ගැන database design පොස්ට් එකේදී විස්තර කරන්නම්.table එකේ data තියෙන්නම ඕන නැහැ, table එක empty වෙන්නත් පුළුවන්.

database table එකක අනිවාර්ය අංග :

  • table එකේ නම
  • columns
  • primary key
  • rows

table එකේ නම : හැම table එකම අදුරගන්න පුළුවන් වෙන නමක් තියෙන්න ඕන.මේ දෙන නම් වලින් තමයි අපි database එකේ table සම්බන්ධ හැම වැඩකදීම table එක access කරන්නේ.මේ නම unique වෙන්න ඕන.ඒ කියන්නේ එකම නමින් table දෙකක් තියෙන්න බැහැ.මේ නම ඒක වචන විදියට තමයි පාවිච්චි කරන්නේ.

columns : මේ කියන්නේ table එකේ තියෙන්න ඕන විස්තර වගේ දේවල්.

primary key : වෙනම නමකින් තිබුනට primary key කියන්නෙත් column එකක්ම තමයි.primary key එක unique වෙන්න ඕන වගේම null වෙන්න බැහැ.table එකක අනිවාර්යයෙන් තියෙන්නම ඕන දෙයක් තමයි primary key එක.මේක ගැන වෙන පොස්ට් එකකදී විස්තර කරන්නම්.

rows : database එකේ save කරලා තියන data තියෙන්නේ rows වල.එක row එකක් කියන්නේ එක දත්තයකට අදාලව විස්තර තියන පේළියකට.මේ විදියට විස්තර තියෙන row එකක් හැදිලා තියෙන්නේ cell එකතු වෙලා.cell එකක් තමයි database එකක තියන කුඩාම ඒකකය.cell එකක එක data එකක් තියනවා.

database-contents copy

null value?

null value එකක් කියලා හදුන්වන්නේ table එකේ අදාළ row එකේ cell එකට value එකක් නොමැති වීමයි.cell එකක් value එක null නම් ඒක table එකේ හිස්තනකින් නිරුපණය කරනවා.

 

සරලව ගත්තම table වල තියෙන්නේ අපේ ප්‍රශ්නයේ (real concept එකේ) objects.හරියට school management system එකක student, teacher, subject වගේ.ළමයි, ගුරුවරු ගොඩක් හිටියට,එක  වර්ගයක් විදියට ගත්තම තියන දේවල් තමයි table වලට design එකේදී මුලින්ම ගන්නේ.column වල තියෙන්නේ මේ object එකේ අපි save කරලා තියාගන්න ඕන විස්තර.student table එකේ name, contact වගේ දේවල් save කරගන්න ඕන වගේ.rows වලින් තමයි object එකේ තියන කොටස් නිරුපණය කරන්නේ.student table එකේ තනි row එකකින් එක student කෙනෙක්ව නිරුපණය කිරීම උදාහරණ විදියට දක්වන්න පුළුවන්.

Share with your friends!

Leave A Comment

shares