Java ඉගෙනගන්න – I – Introduction

Share with your friends!

Java කියලා කියන්නේ Programming Languages අතර තියන ජනප්‍රියම Language වලින් එකක්.මේ පොස්ට් එක ලියන වෙලාවේදී Ranking වල දෙවැනි තැන තියනවා.ඒ වගේම වැඩිපුරම use
කරන Languages අතර ප්‍රධාන Language එකක්.

දැන් බලමු, ඇයි Java මේ තරමට ජනප්‍රිය වෙන්නේ ඇයි? මොනවද මේ Language එකේ තියන විශේෂ දේවල් ?

Java කියන භාෂාව මේ විදියට ජනප්‍රිය වෙන්න හේතු විදියට පහත ඒවා දක්වන්න පුළුවන්.

 

1.Java ඉගෙනගන්න, භාවිතා කරන්න පහසු වීම

2.developing කරන්න ගොඩක් powerful tools තියනවා, Netbeans කියන්නේ ඒවා වලින් එකක්.

3.Object Oriented (OO) Language එකක් වීම

සරලම පැහැදිලිකිරිම වෙන්නේ ජාවා වලදී objects කියන concept එක භාවිතා වෙනවා, මේ නිසා Language එක භාවිතා කරලා කරන්න පුළුවන් දේවල් විශාල ප්‍රමාණයක් තියනවා

4.Platform Independent වීම

Java වලදී මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි WORA – Write Once and Run Anywhere කියන්නේ, java ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා Platform Independent කියන දේ.මේකෙන් හදුන්වන්නේ එක platform එකක(සරලව OS එකක) හදන programme එක වෙනත් platform එකකදී කලින් විදියටම run වීම.

5 .Java කියලා කියන්නේ High-Level Programming Language එකක් වීම

6 .ආරක්ෂාව අතින් උපරිම වීම

7 .Java නොමිලේ අරගන්න, ඉගෙනගන්න පුළුවන් වීම

8 .භාවිතා කරන පිරිස වැඩි නිසා ප්‍රශ්න වලට විසදුම් පහසුවෙන් හොයාගන්න පුළුවන් වීම

9.හැම තැනකම භාවිතා වීම

පරිගණක වල, mobile phone වල, web server වල වගේම creadit/debit card වල පවා java තාක්ෂණය භාවිතා වෙනවා.java වලින් develop කරන application ඕනෑම device එකකට ගැලපෙන්න නිර්මාණය කරන්නත්, එම device java වලට support කිරීම භාවිතය වැඩි වෙන්න හේතු වෙනවා.

10.විවිධ අවශ්‍යතා වලට ගැලපෙන්න නිර්මාණය කරපු Open Source libraries පැවතීම

 library එකක් කියන්නේ අපි කරන්න project එකක් හෝ project  එකේ කොටසක් පොදුවේ භාවිතා කරන්න පුළුවන් වෙන විදියට කලින් නිර්මාණය කරලා තියන file එකකට.ඒ වගේ අපි කරන්න හදන දෙයක් කලින් code කරලා test කරලා තිබීම ඉතාම වටිනා දෙයක්.Apache, Google, MySQL වගේ සමාගම් වලින් libraries විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා තියනවා.මේ දේවල් වලින් ජාවා පරිගණක ක්‍රමලේඛන භාෂාව වේගවත්, ඵලදායී වගේම පහසු වෙලා තියනවා.

 

java කියන language එකේ වර්තමාන අයිතිකාරයා වෙන්නේ Oracle කියන සමාගම.Sun Microsystems සමාගමේ project එකක් විදියට 1990 වසරේදී ආරම්භ වුනු Java Programming Language එක නිර්මාණය කළේ 1994 දී  ජේම්ස් ගොස්ලින් කියන  ඉංජිනේරුවා විසින්.මේ වෙනකොට විවිධ version ගණනාවක් නිකුත් වෙලා තියන අතර මේ වෙලාවේදී JDK 7 කියන version එක භාවිතා වෙනවා වගේම JDK 8 නිකුත් කරලා ටික දවසක් ගතවෙලා තියනවා.දිගින් දිගටම අලුත් දේවල් එකතු කරලා language එක develop කරපු version නිකුත් කරනවා.Oracle Official Site එකෙන් නොමිලේ ගන්න පුළුවන්.මේ language එක කොහොමද use කරන්නේ, මොනවද කරන්න පුළුවන් කියන දේවල් ඉදිරියේදී බලමු.

 

Share with your friends!

Leave A Comment

shares