Virtual Box එකෙන් වැඩ ගැනීම

Share with your friends!

මේ කියන්න හදන software එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ OS එකක් install කරන්න කලින් test කරලා බලන්න, අලුතෙන් OS එකක් install නොකර තව OS එකක් use කරන්න ඕන උනාම.මේක හදලා තියෙන්නේ ප්‍රසිද්ධ Oracle සමාගමෙන්.අපි බලමු කොහොමද මේ software එකේ තියන features එක්ක වැඩ කරන්නේ කියලා.

මුලින්ම මෙතනින් ගිහින් Virtual Box අරගන්න.

දැන් exe එක run කරලා next කරන්න.

මෙතන තියනවා මොනවද install වෙන features මොනවද කියන එක.USB support, networking වගේ ඒවා.

virtual-box-installing-evertrickz_2

මේවා වලින් ඕන නැති ඒවා තියනවා නම් මේ icon එක click කරන්න.එතකොට මේ වගේ menu එකක් එයි.හැබැයි ඉතින් මේ settings මෙහෙම තිබ්බට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නම් නැහැ.දැන් next කරන්න.

virtual-box-installing-evertrickz_3

මෙතනට yes දීලා install now දෙන්න.

virtual-box-installing-evertrickz_5

දැන් virtual box install වෙනවා.

virtual-box-installing-evertrickz_7

ඊටපස්සේ මෙතැනින්ම application එක open කරගන්න පුළුවන්.

මේ වගේ interface එකක් තමයි oracle virtual box එකට තියෙන්නේ.අලුත් os එකක් දාගන්න new click කරන්න.

virtual-box-installing-evertrickz_9

දැන් ඔයාගෙන් අහයි මොකද්ද os එක, version එක මොකද්ද කියලා.

virtual-box-installing-evertrickz_10

මේ software එකේ වැඩ කරන්න පුළුවන් os ගැන මෙතැනින් බලාගන්න පුළුවන්.ගොඩක් os තියනවා නේද.මුල් දවස් වල ඉදලම මේ හැම os එකකටම support කරා virtual box එකෙන්.ඒ දවස් වල මම දන්නෙත් නෑ මෙතන තියන සමහර os මොනවද කියලා.

virtual-box-installing-evertrickz_11

name එකට කැමති නමක් දෙන්න පුළුවන්.හැබැයි os කීපයක් දැම්මාම අදුරගන්න අමාරු වෙන නිසා os එකේ name එකම දුන්නම ලේසි.ubu කියලා type කරද්දීම මෙයා ඒක අදුරගෙන os එක ubuntu වලට change කරනවා.මම මෙතනදී ubuntu use කරනවා කැමති අයට වෙන linux distro එකක් ( linux based කරගෙන හදපු os එකක් ) use කරනත් පුළුවන්.

selec

දැන් දෙන්න ඕන ඔයාගේ ram එකෙන් මේ වෙනුවෙන් වෙන් කරන්න කැමති ප්‍රමාණය.slider එක change කරලා හරි, type කරලා හරි කැමති ගානක් දෙන්න.ඒ වගේම මෙතන තියන folder එක වගේ icon එක click කරලා හදාගන්න virtual drive එක save වෙන්න ඕන කොතනටද කියලා දෙන්න පුළුවන්.නැත්තන් my documents වලට save වෙනවා default විදියට.

virtual-box-installing-evertrickz_12

මේ settings මේ විදියට තියලා create කරන්න.

virtual-box-installing-evertrickz_13

අපි මේ හදාගත්ත virtual hard එකේ type එක තමයි දැන් අහන්නේ, virtual box වගේ වෙනත් software ( vmware වගේ ) එක්ක මේ hard drive එක use කරනවා නම් VHD කියන එක දෙන්න.එහෙම නැත්තන් next කරන්න.

virtual-box-installing-evertrickz_14

dynamicaly allocated එක select වෙලා තියෙද්දී next දෙන්න.

virtual-box-installing-evertrickz_15

ඔයාගේ hard disk එකෙන් ubuntu වලට වෙන් කරන්න කැමති space එක දෙන්න.10GB වගේ දෙන්න මෙතෙන්ට.

virtual-box-installing-evertrickz_16

දැන් virtual drive එක create කරගෙන ඉවරයි.දැන් කරන්න තියෙන්නේ ඒකට os එක දාන්න.වම් පැත්තේ pane එකෙන් හදාගත්ත drive එක select කරලා start එක click කරන්න.

virtual-box-installing-evertrickz_17

මෙතනදී ඉල්ලන්නේ ඔයාගේ iso file එක.folder එක වගේ icon එක click කරලා iso එක select කරගන්න.

virtual-box-installing-evertrickz_18

දැන් කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට ubuntu install කරන එක.වැඩේ කරගන්න විදිය මේ පොස්ට් එකෙන් බලාගන්න පුළුවන්.

virtual-box-installing-evertrickz_20

partition තෝරද්දී erase disk කියන පලවෙනි option එක දෙන්න.බය වෙන්න දෙයක් නෑ, මේ කතා කරන්නේ ඔයා හදාගත්ත virtual hard drive එක ගැන.

virtual-box-installing-evertrickz_21

install උනාට පස්සේ restart කරන්න අහයි.ඊටපස්සේ ubuntu open වෙයි.


 

දැන් කියන්න හදන්නේ මොනවද මේ software එකේ features කියලා.එකින් එක බලමු.

මුලින්ම බලමු File menu එකේ තියන දේවල් ගැන.

vm-fe

  • virtual media manager – මේකෙන් බලාගන්න පුළුවන් ඔයා use කරපු virtual drive මොනවද, ඒවා වලට use කරපු iso මොනවද කියන දේවල්.ඒ වගේම ඒවා remove කරන්න, modify කරන්නත් මේ feature එකෙන් පුළුවන්.

vm-fe1

  • import appliance – වෙනත් virtualization software එකකින් හදපු drive open කරගන්නේ මෙතනින්.මේකෙදි read කරන්නේ ovf format එකේ file විතරයි.
  • export appliance – නම කියෙව්වම තේරෙනවනේ, මේකෙදි කරන්නේ drive එක export කරන එක.ova, ovf කියන format දෙක use කරන්න පුළුවන්.
  • preferences – මේකෙන් virtual box එකේ changes කරන්න පුළුවන්.

vm-f3

  • Genaral – අලුතෙන් හදන machine save වෙන default location එක change කරන්න
  • Input – shotcuts change කරන්න පුළුවන්.මේ shortcut මොනවද කියලා අන්තිමට කියන්නම්.

තව ඉතින් update settings, language වගේ දේවල්, network එකක් use කරනවා නම් ඒ දේවල් වලට වෙන වෙනම settings තියනවා.

Machine menu එකේ තියන දේවල් වලින් කරන්නේ මොනවද කියලා බලමු දැන්.

vm-f4

  • add – මේකෙන් පුළුවන් කලින් හදාගත්ත virtual drive එකක් add කරන්න
  • settings – select කරලා තියන drive එකේ setings ගන්න පුළුවන්.use කරන system එකේ settings වෙනස් කරගන්න පුළුවන් මෙතනින්.display size, USB devices, Audio වගේ දේවල්.මේ ගැන නම් විස්තර කරන්න අදහසක් නැහැ.default settings වලින් use කරන්න පුළුවන්.අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දැනගන්න ඕන දේවල් අහන්න.

vm-f5

  • clone – select වෙලා තියන os එකේ copy එකක් ගන්න පුළුවන්, දැන් තියන එකට link එකක් විදියට හරි වෙනම separate drive එකක් විදියට හරි.
  • show in explorer – select කරගෙන තියන drive එකේ location එකට යන්න පුළුවන් මෙතනින්.

දැන් බලන්න හදන්නේ os එක ඇතුලෙදි දීලා තියන features මොනවද කියලා virtual box එකෙන්.

in ubuntu-evertrickz

Machine කියන menu එකේ තියන දේවල් වලින්, settings කියන්නේ අපි කලින් කතා කරපු use කරන virtual drive එකේ settings, screen capture ගන්න පුළුවන්.disable mouse intergration කියන එකෙන් පුළුවන් mouse pointer එක මේ window එක ඇතුලේ විතරක් move කරන්න.මතක තියාගන්න ඒක disable කරන්නේ host + I වලින් කියලා.මොකද active කරාම menu එකටවත් mouse එක move කරන්න බැහැ.

ACPI shutdown කියන එක, එහෙමත් නැත්නම් Advanced Configuration and Power Interface (ACPI) කියන එකෙන් කරන්නේ virtual machine එකට සිග්නල් එකක් යවනවා shutdown කරන්න.මේක සමාන වෙනවා සාමාන්‍ය පරිගනකයක power button එක press කරන එකට.

in ubuntu-evertrickz-1

view කියන menu එකේ තියෙන්නේ screen size ගැන.Host කියන්නේ default Right ctrl එක.මේ button එක මොකද්ද කියලා තියනවා window එකේ දකුණු පැත්තේ යටින්ම තියන කොළ පාට arrow එක එහා පැත්තෙ.

in ubuntu-evertrickz-2

Devices කියන menu එක තියෙන්නේ main os එකට connect කරලා තියන devices (cd drive , usb වගේ ඒවා ) virtual os එකේ use කරන්න.අනිත් දේ තමයි shared clipbord කියන එකයි, Drag ‘n’ Drop කියන එකයි.Host කියන්නේ main os එක.guest කියන්නේ virtual box එකේ run කරන os එක.bidirectional කියන්නේ දෙපැත්තටම transfer කරන්න පුළුවන් කියන එක.shared clipbord කියන්නේ text, screen shots වගේ දේවල් copy කරන්න එක, drag ‘n’ drop කියන එක පැහැදිලි කරන්න දෙයක් නැහැනේ… 🙂

close-evertrickz

close button එක click කරාම එන්නේ මේ වගේ window එකක්.

  • save the machine state – ඒ වෙලාවේ තිබුන procsses සේරම local disk එකට save කරලා exit වෙනවා.
  • send the shutdown signal – අර කලින් කිව්ව ACPI සිග්නල් එක virtual machine එකට යවන එක.
  • Power off the machine – virtual os එක shutdown කරනවා state එක save කරන්නේ නැතුව.

එහෙනම් දැන් වැඩේ ඉවරයි….

Share with your friends!

2 comments

Leave A Comment

shares