Java ඉගෙනගන්න – 3 – Write First Code

Share with your friends!

මේක පරණ අවුරුද්දේ අන්තිමට ලියන පොස්ට් එක.දැන් Path set කරන ඒවා එහෙම කරගෙන ඉවර නිසා ඔන්න එහෙනම් java programming ඉගනගන්න පටන් ගන්න හදන්නේ.මුලින්ම Keywords කියන තැනින් පටන් ගන්න හිතුවේ.එහෙනම් මුලින්ම බලමු මොනවද මේ keywords කියන්නේ, මොකක්ද මේකෙන් වෙන්නේ කියලා.keywords කියන්නේ යම් language එකක තියන, ඒ language එකෙන් වැඩ කරද්දී භාවිතා කරන විශේෂ වචන.මේවා වලින් තමයි language එක අදුරගන්නේ කියලා තියන command එක මොකද්ද කියලා.java වල keywords 52k තියනවා.මේවා අත්‍යවශ්‍යයි වැඩ කරද්දී.නමුත් කාලයක් යද්දී ගොඩක් ඒවා මතක හිටිනවා.මොකද මටත් මුල් කාලේ ටිකක් විතර තමයි මතක තිබ්බේ.

abstract   default   if           package     synchronized
assert     do        implements   private     this
boolean    double    import       protected   throw
break      else      instanceof   public      throws
byte       extends   int          return      transient
case       false     interface    short       true
catch      final     long         static      try
char       finally   native       strictfp    void
class      float     new          super       volatile
const      for       null         switch      while
continue   goto

මේවා වලින් විවිධ commands දෙන්න, අපි ලියන programme එක ගැන java interpreter(මේ ගැන ඊලග පොස්ට් එකේ විස්තර කරනවා) එකට පැහැදිලි කරන්න පුළුවන්.

එහෙනම් ඉස්ස ඉස්සෙල්ලම code එකක් ගහන්න පටන් ගමු.අනිත් දේවල් මේකෙන් පස්සේ විස්තර කරන්නම්.වැඩේ පටන් ගන්න පහල තියන දේවල් ඕන වෙනවා.දේවල් කිව්වට software applications හොදේ… 🙂

1.Notepad ++, sublime text වගේ text editior එකක් (notepad එකේ උනත් පුළුවන්, ඒත් මේ වගේ එකක් use කරන එක හොදයි)

2.Command Prompt එක

 3.Folder එකක්(වෙනම එකක් තියන එක ලේසි, මොකද කරන code සේරම එක තැනක තියන නිසා)

දැන් මුලින්ම text editor එක open කරගෙන පහල code එක type කරන්න.

public class helloWorld{

public static void main(String [] args){

System.out.println("Hello World Java!!!");

}

}

දැන් file එක save කරන්න ඔයා හදාගත්ත folder එකේ.save කරද්දී file type එක .java කියලා දෙන්න ඕන.file name එක වෙන්නේ helloWorld.notepad එකේ නම් file name එකට helloworld.java කියල දීලා file type එක All file කියලා දෙන්න.

command prompt එක open කරගන්න.මුලින්ම command prompt එකේදී use කරන code බලමු.cmd එකේ පෙන්නන්නේ අපි ඉන්න directory එකනේ.ඒක හරහා අපේ file එක තියන තැනට යන්නයි ඕන.code වලට පස්සේ enter එකෙන් run කරන්න ඕන.මෙතනින් මේ දේවල් බලන්න පුළුවන්.

cd\ – දැන් ඉන්න directory එකේ partition drive එකට යනවා. උදා :- C:\>

cd.. – එක folder එකක් පස්සට එනවා, windows වල back කරා වගේ තමයි මේක

cd – මේ code එක ගහලා tab එක press කරාම දැන් ඉන්න folder එක ඇතුලේ තියන ඒවා බලාගන්න පුළුවන් ඊටපස්සේ enter කරාම ඒ folder/directory එකට යනවා

cls – cmd එකේ කලින් කරපු සේරම දේවල් මකලා දාන්න පුළුවන් මේකෙන්

මේ විදියට file එක තියන තැනට යන්න පුළුවන්.ඊටපස්සේ පහල විදියට කරන්න.

1.javac කියලා type කරලා tab එක press කරලා ඔයා save කරපු file එක හොයාගන්න.

2.ඊටපස්සේ enter කරන්න.ඔයාගේ code එකේ අවුලක් නැත්තන් ඊලග line එකට යයි.නැත්තන් වැරැද්ද පෙන්නනවා.එහෙම උනොත් code එක හදලා ආයේ run කරන්න ඕන.

3.දැන් ඔයාගේ folder එකට ගිහින් බලන්න, අලුත් file එකක් හැදිලා ඇති helloWorld.class කියලා.

4.ඊටපස්සේ cmd එකට ගිහින් java කියලා type කරලා කලින් වගේ tab එකෙන් ගිහින් අලුතෙන් හැදුනු .class file එක තෝරාගන්න.ඊටපස්සේ අන්තිමට තියන .class කියන එක මකලා enter කරන්න.

5.වැඩේ හරියට කරා නම් Hello World Java!! කියලා print වෙන්න ඕන.


 

දැන් බලමු මේ code එක පැහැදිලි කරගන්න.

helloworld copy

මුලින්ම තියන public කියන එක keyword එකක් කියලා දැන් දන්නවනේ.ඒ වගේම public කියන්නේ access modifier එකක්.මේකෙන් කරන්නනෙ මේ class එකේ visibility හදුන්වන එක.ඒ කියන්නේ මුළු programme එකටම මේ මුළු class එකම access කරන්න පුළුවන් කියන එක.නමින්ම තේරෙනවනේ public කිව්වම.මේ වෙනුවට අනිත් modifiers උනත් use කරන්න පුළුවන් විවිධ අවස්ථා වල programme එක අනුව.ඒ දේවල් ඉස්සරහට දාන ලිපි වලින් කියන්නම්.

class කියන එකෙන් කරන්නේ අපි මේ ලියන්නේ class එකක් කියන එක හදුන්වන එක.ඊළගට තියෙන්නේ නම.මේ නම ලියන විදිය ගැන standard method එකක් තියනවා.දැන් මෙහෙම කිව්වට මේ දේවල් ඉස්සරහට විස්තර කරන නිසා දැනට pass කරලා යනවා.ඊළගට තියෙන්නේ bracket එක.java වල class එක කොතන ඉදන් කොතැනට වෙනකන් තියනවද කියන එක පෙන්නන්න තමයි මේ bracket එක භාවිතා වෙන්නේ.මේ bracket එකට අයිති අනිත් bracket එක තමයි අන්තිමටම තියන එක.මුලින් open කරපු bracket එකට අදාළ වෙන්නේ අන්තිමට close කරලා තියන bracket එක.දෙවනියට open කරපු bracket එකට අදාළ වෙන්නේ අන්තිමට කලින් තියන bracket එක.මේ විදියට තමයි මේ bracket කතාව යන්නේ.අනිත් දේ තමයි එක bracket එකක ඉදන් ඒ bracket එකේ closing bracket එකට වෙනකන් area එක scope එකක් කියලා හදුන්වනවා.මුල්ම bracket එකයි අන්තිම bracket එකයි අයිති වෙන්නේ අපි මුලින් කතා කරපු class එකට නිසා ඒක class scope එක කියලා හදුන්වනවා.අපේ හැම code එකක්ම තියෙන්න ඕන class එකක් ඇතුලේ.ඒ කියන්න class scope එක ඇතුලේ.ඒ වගේම programme එකක class එකකට වැඩියෙන් තියෙන්න පුළුවන්.මේ නිසා තමයි scope එක කියන එක වැදගත් වෙන්නේ.

ඊළගට තියෙන්නේ තවත් අලුත් code පේලියක්.මේක නම් අනිවා මතක තියෙන්න ඕන.මොකද කොච්චර code තියන programme එකක් උනත් මෙයා නැතුව වැඩක් නැහැ.දැන් බලමු මේ මොකද්ද කියලා.මෙයා තමයි main method එක කියලා කියන්නේ.

public static void main(String [] args){

}

මේකේ තියන දේවල් නම් දැන් විස්තර කරලා වැඩක් නැහැ.මේක method එකක් කියන එකයි, මේ විදියට තමයි තියෙන්නේ කියලා දැනට මතක තියා ගන්න.programme එක run කරාම මුලින්ම run වෙන්නේ මේ කොටස.මෙතනින් තමයි තීරණය කරන්නේ මොනවද වෙන්න ඕන කියන එක.programme එකක main method එකක් විතරයි තියෙන්නේ, නමුත් වෙනත් method ඕන තරම් ගානක් තියෙන්න පුළුවන්.

System.out.println("Hello World Java!!")

මේකෙන් වෙන්නේ Hello World Java කියලා display කරන එක.java වලදී මොකක් හරි දෙයක් print කරගන්න ඕන නම් මේ code එක තමයි use කරන්නේ වැඩිපුරම.

System.out.print("Hello World Java!!")

මේ වගේ එකකුත් තියනවා, මේකත් ගොඩක් වෙලාවට use කරනවා.මේ දෙකේ වෙනස වෙන්නේ මුල් එකේදී print කරන්න ඕන දේ print කරාට පස්සේ cursor එක අලුත් line එකකට (ඊලග line එකට) යනවා.නමුත් දෙවැනි එකේ එහෙම වෙන්නේ නෑ.

අලුත් දේවල් ගොඩක් එකතු උනා මේ පොස්ට් එකෙන්.ඒ දේවල් මොනවද කියලා බලමු අලුත් අවුරුද්දේ එන පොස්ට් වලින්.

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Share with your friends!

Leave A Comment

shares