MySQL install කරමු

Share with your friends!

දැන් SQL ගැන දන්නවනේ.ඒ පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න.MySQL කියන්නේ SQL භාවිතා කරලා වැඩ කරන්න පුළුවන් tool එකක්.මේක දැනගෙන විතරක් මදිනේ, මේකෙන් වැඩ ගන්න ඉගනගන්නත් ඕනනේ.ඉතින් මේක මුලින්ම install කරන තැනින් පටන් ගමු.මේක install කරන්න පුළුවන් විදි 2ක් තියනවා windows/linux දෙකේදීම. 1.MySQL Server එක මගින්  මේක තමයි හොදම විදිය.ටිකක් වැඩ වැඩියි.නමුත් programming වලටත් ලේසි වෙන්නේ මේ විදිය තමයි.mySQL  වලින් දෙන අනිත් service එක්ක වැඩ කරන්න ලේසි වෙනවා මේ විදියෙන්. 2.application server platform එකක් භාවිතයෙන් මේකෙන් කරන එක ලේසි.කරන්න තියන දේවල් අඩුයි.වැඩිපුර භාවිතා වෙන්නේ web development වලදී.(උදා: WAMP, XAMPP,LAMP)


WINDOWS

1 ක්‍රමය :

දැන් බලමු කොහොමද install කරගන්නේ කියලා.මුල් විදිය ගැන මුලින් විස්තර කරන්නම්.මුලින්ම මෙතනින් ගිහින් MySQL Installer අරගන්න පුළුවන්.ගැලපෙන file එක ගන්න.හැබැයි ඒකට Oracle account එකක් හදන්න වෙනවා.account එක free හදන්න පුළුවන්.පාඩුවක් වෙන්නේ නම් නැහැ.පස්සේ දවසක හරි ඕන වෙයි.oracle කියන්නේ programming world එකේ ප්‍රසිද්ධ නමක්.හරි දැන් ඒ කතාව ඉවරයි.217MB exe file එකක් තමයි ලැබෙන්නේ.ඉස්සර mySQL වල products වෙන වෙනම download කරලා install කරගන්න උනා.හැබැයි දැන් එහෙම නැහැ.සේරම එක pack එකක් විදියට එන්නේ, choose and install system එකට.කැමති package විතරක් install කරගන්න පුළුවන්.install කරන විදිය මේ වීඩියෝ එකේ තියනවා.ලියන්න ගියොත් පිටු 2ක් වත් ලියන්න වෙනවා, ඒකයි මෙහෙම දාන්නේ.

 2 ක්‍රමය : දෙවැනි ක්‍රමේට කරනවා නම් මුලින්ම කරන්න තියෙන්නේ application server platform software එක download කරගන්න එක.WAMP, EXAMPP මේ දෙකෙන් එකක් විතරයි ඕන වෙන්නේ. WAMP – 32bit WAMP – 64bit LAMP – for linux (මේ පොස්ට් එකේ කරන විදිය සේරම තියනවා) XAMPP XAMPP නම් platform දෙකටම තියනවා.මෙතනින් බලන්න පුළුවන් WAMP දාලා වැඩේ කරන හැටි video එකකින්.මෙතන image tute එකක් තියනවා.මෙතනින් බලන්න පුළුවන්  XAMPP දාලා වැඩේ කරන හැටි. WAMP වලට : WAMP තියෙන්නේ windows වලට.මේ නම හැදිලා තියෙන්නෙත් windows, apache, mysql, php කියන වචන වල මුල් අකුරු එකතු වෙලා.linux walata තියෙන්නේ LAMP.නම හැදිලා තියෙන්නේ කලින් විදියටම තමයි, windows වෙනුවට linux තියෙන්නේ.


LINUX linux වලදී mySQL එක්ක වැඩ කරන්න පටන් ගන්නේ කොහොමද කියලා බලමු. 1.mySQL server එක මගින්  linux වලදී windows වල වගේ account හදන්න දේවල් නැහැ.ලේසියෙන්ම දාගන්න පුළුවන්.ඒකනේ linux කියන්නේ.මෙතනින් ඒක බලන්න පුළුවන්. 2.LAMP stack එක මගින් මෙහෙම කිව්වට මේකෙදි කරන්න අර කලින් කිව්ව php, mysql…. ඒවා වෙන වෙනම install කරන්නත් තියනවා.ඒක කරන විදිය මෙතනින් බලන්න පුළුවන්.


එහෙනම් දැන් වැඩේ හරි.use කරන්න තමයි තියෙන්නේ.wamp/xampp දැම්මා නම් mySQL run කරන්න ඕන උනාම application එක run කරන්න මතක තියාගන්න.නැත්තන් මුකුත් වැඩ කරන එකක් නැහැ.mySQL server එක එහෙම නැහැ.auto start වෙනවා.background process එකක් විදියට run වෙනවා.කැමති නම් wamp/xampp windows startup එකට දෙන්න.එතකොට වැඩේ හරි. දැන් ඉතින් මේක වැඩ කරනවද කියලත් බලන්න ඕනනේ.එහෙනම් ඉතින් browser එක open කරගන්න.ඊටපස්සේ addres bar එකේ http://127.0.0.1 හරි http://localhost කියලා හරි type කරලා enter කරන්න.මේ වගේ එනවා නම් වැඩේ හරි. වැඩේ ඉවර උනාට තව කියන්න දේවල් ටිකක් තියනවා.අර කලින් කිව්ව installer package එක ගැන.මේක අලුතෙන් එකතු වුනු දෙයක්.කලිනුත් කිව්වා වගේ මේක ආවට පස්සේ ගොඩක් අඩුපාඩු නැති උනා.සේරම මෙතන කියන එකේ තේරුමක් නැහැ.වැදගත්ම එකක් දෙකක් කියන්නම්. එක පාරක් mysql install කරාම server එක port එකකට assign වෙනවා.3306 port එකට.ඊටපස්සේ ආයෙත් mysql remove කරලා දාන්න ඕන උනොත් ඒ port එකටම දාන්න බැහැ.වෙන එකක් ගන්න ඕන.මේ වැඩේට 3307,3308,3309 port use කරන්න පුළුවන්.ඒත් එහෙම දාන්න ගියත් කලින් installation එකේ file තිබුනොත් server එක වැඩ කරන්නේ නෑ.os එක ආයේ දැම්මත් හරියන්නේ නැහැ සමහර වෙලාවට.ඒ සේරම settings remove කරන්න පුළුවන් මේ installer එකෙන් එක පාරින්.මෙතනින් ඒක බලන්න.ඒ වගේම package සෙට් එකක් install කරන්න පුළුවන් කිසි කරදයක් නැතුව. අනිත් දේ තමයි අර කලින් කිව්ව සේරම එකට තියන pack එක.එකේ database connectors එක්කම තියනවා.ඒක හරිම වටිනවා.system tray icon එකත් add වෙලා තියනවා, කලින් server එක run වෙන එක start/stop තිබුනේ command line client එකෙන් විතරයි.දැන් මේ system tray icon එකෙන් ඒ දේවල් configure කරන දේවලුයි, Instance configure කරන ඒවයි ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඒ වගේම මේකෙන් mySQL වල user friendly ගතිය වැඩි වෙලා තියනවා. ටිකක් වෙලා ගියත් මේ ටික නොකිව්වොත් වැඩක් නැහැ.මොකද මේ version එක use කරද්දී මේ ටික දැනගෙන ඉන්න එක වැදගත්.එහෙනම් ඊලග පොස්ට් එකේ ඉදලා query පුරුදු වෙමු.query කියන්නේ මොනවද කියලත් ඒ පොස්ට් එකේම කියල දෙන්නම්.ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාන්න.

Share with your friends!

Leave A Comment

shares