Python Programming – Introduction

Share with your friends!

මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා දන්නවනේ.python කියන්නෙත් java වගේම high-level programming language එකක්.මේකේ අයිතිය තියන්නේ Python Software Foundation එකට.මේ language එක නිර්මාණය ආරම්භ කරලා තියෙන්නේ 1989 දී Guido van Rossum විසින්.ඊටපස්සේ විවිධ වෙනස්කම් එකතු කරලා version නිකුත් කලත් සාර්ථක නිකුත් කිරීමක් විදියට හදුන්වන්නේ 2000දී ආව python 2.0 කියන version එක.මේකේ ලක්ෂණ විදියට පහත ඒවා දක්වන්න පුළුවන්.

  • High-level language
  • object-oriented – මේවා ගැන ඉස්සරහට කියන්නම්
  • cross-platform – ඕනෙම OS platform එකක වැඩ කරන්න පුළුවන් වීම

තව ගොඩක් දේවල් තිබ්බත් ඒවා කියන්න ගියොත් ඉගෙන ගන්න වෙන්නේ නෑ.ඒ නිසා මේ ඇති.ඉතින් එහෙනම් වැඩේ පටන් ගමු.මුලින්ම මෙතනින් software එක ගන්න windows වලට.ubuntu use කරන අයට software center එකට ගිහින් ගන්න පුළුවන්.මේ වෙද්දී තියෙන්නේ 3.3.4 කියන version එක.

python-1

install කරාට පස්සේ අලුත් icon දෙකක් එකතු වෙලා ඇති.මේ දෙකෙන් python command line කියන්නේ mySQL වල තියන command line එක වගේ එකක්.GUI කියන්නෙත් මේ වගේම එකක්.නමුත් අපිට code පැහැදිලිව අදුරගන්න පුළුවන් විදියට වෙන් කරලා පෙන්නනවා.

python-4

මුලින්ම බලමු මේ language එක භාවිතා කරලා මොකක් හරි දෙයක් print කරගන්නේ කියලා.අපි ලියන program වල output එක ගන්න පුළුවන් වෙන්නේ මේ විදියෙන්.

print("Hello Python!!")

දැන් මේ code එක GUI එකේ ටයිප් කරලා enter කරන්න.Hello Python!! කියලා print වෙන්න ඕන.

දැන් බලමු මොනවද මේ language එකේ තියන keywords කියලා.keywords ගැන දැනගන්න මෙතන බලන්න.

python-key-words-dhanushkablog

Lines and Indentation

මේ language එකේ තියන විශේෂත්වයක් තමයි code එකේ line අතර තියන දුර ප්‍රමාණ වලින් scope එක අදුරගන්න එක.මෙතනින් scope එක ගැන බලන්න පුළුවන්.

python-4

commenting

මේකත් programming වලදී වැදගත් වෙන දෙයක්.අපි line එකක් comment කලොත් ඒකෙදී වෙන්නේ, ඒ line එක වැඩ කරන්නේ නැතුව යනවා.ඒ කියන්නේ ඒ line එක programme එක කියවන්නේ නෑ.අපිට comment කරන්න ඕන line එක ඉස්සරහට ‘#’ ලකුණ දැම්මම වැඩේ හරි.

python-comment

multiple lines in single line 

මේ කියන්නේ පේලි කීපයක් ලියන එක තනි පේළියකට කෙටි කරන්නේ කොහොමද කියලා.පොඩි code වලදී නම් මේක එච්චර වැදගත් නැහැ.හැබැයි ලොකු program එකකදී නම් ගොඩක් වටිනවා.

සාමාන්‍යයෙන් code එක මේ වගේ කියලා ගමු.

python-4

code එක මේ වගේ තනි පේළියකට ගන්න ඕන.

python-5

කරන්න තියෙන්නේ අලුතෙන් line එකක් එකතු වෙන හැම තැනකටම ‘ ; ‘ දාන එක.එතකොට python අදුරගන්නවා මේ විදියට එකට තිබුනට මේ කියන්නේ වෙන වෙනම තියන lines ගැන කියලා.

python-6

අනිත් පොස්ට් එකේදී Python Variable Types ගැනයි, print command එක භාවිතය ගැනයි බලමු.

Share with your friends!

Leave A Comment

shares