Database – 3 – MySQL භාවිතය – Basic

Share with your friends!

මේ පොස්ට් එකේදී බලමු කොහොමද MySQL use කරලා වැඩ කරන්නේ කොහොමද කියලා.ප්‍රධානව පහතින් දාලා තියන දේවල් ටික මතක තියෙන්න ඕන.මොකද අපි වැඩ කරන්න හදන්නේ මේවා එක්ක.ගොඩක් සංකීර්ණ කරලා කියන්න පුළුවන්.ඒත් පැහැදිලිව තේරෙන්න ඕන මොකද්ද කියලා.ඒක නිසා මේ දේවල් වලින් කරන දේවලුත් දැම්මා.ඊළඟට බලමු කොහොමද මේවා පාවිච්චි කරන්නේ කියලා.නැත්තන් ඉතින් මේ කිව්ව දේවල් විකාර වගේ වෙයි.

sql types

 

මේවා වලින් ප්‍රධානව භාවිතා වෙන්නේ පහලින් දාලා තියන ඒවා.

  • SELECT – database එකෙන් දත්ත ගන්න
  • UPDATE – database එකේ data update කරන්න
  • DELETE – database එකෙන් data delete කරන්න
  • INSERT INTO – database එකට data දාන්න
  • CREATE DATABASE – අලුත් database එකක් හදන්න
  • ALTER DATABASE – database එක edit කරන්න
  • CREATE TABLE – අලුත් table එකක් හදන්න
  • ALTER TABLE – table එකක් edit කරන්න
  • DROP TABLE – table එකක් delete කරන්න

DDL – Data Definition Language

මේක භාවිතා වෙන්නේ database objects එක්ක වැඩ කරද්දී.ALTER, DROP, CREATE කියන ඒවා මේ යටතට ගැනෙනවා.සරලවම කියනවා නම් database එක design කරන එක තමයි කරන්නේ.

DML – Data Manipulation Language

දත්ත එක්ක වැඩ කරන්නේ මේවා භාවිතා කරලා.දත්ත එකතු කරන්න, delete කරන්න, update කරන්න, දත්ත ලබාගන්න කියන දේවල් තමයි කරන්නේ.

DCL – Data Control Language

database එකේ permissions control කරන්නේ මේවා use කරලා.usersලට දෙන privileges manage කරන එක තමයි කරන්නේ.

Share with your friends!

Leave A Comment

shares