Online Diagrams අඳින්න

Share with your friends!

මුලින්ම වෙබ් site එකට යන්න මෙතන click කරන්න.මේ වෙබ් site එකේ තියන tool box එක use කරලා, දීලා තියන template වලින් හොදම මට්ටමේ ගැලීම් සටහන් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.ඒ වගේම use කරන්න හරිම ලේසියි.chart එකේ shapes වම්  පැත්තේ තියන tool box එකෙන් work space එකට  drag and drop  කරන්න විතරයි තියෙන්නේ.මේ විදියට add කරගන්න shapes edit කරන්න shape එක click කරලා shape එකේ වම් පැත්තේ උඩින් තියන box එක click කරන්න ඕන.ඊටපස්සේ එන control box එකෙන් shape එකේ දිග, පළල වෙනස් කරන්න, තියන තැන වෙනස් කරන්න, shadow එකක් add කරන්න, border එකේ thickness එක වෙනස් කරන්න, border color එක වෙනස් කරන්න පුළුවන්. shape එකට text එකක් දෙන්න  කරන්න තියෙන්නේ  shape එක click කරලා shape එකේ වම් පැත්තේ උඩින් තියන  ‘ T ‘ click කරන්න.gliffy-99zone

 

මේකේ තියන වටිනාම දේ තමයි flow chart, UML diagram, ER diagram, Activity diagram වගේ ගොඩක් diagram වර්ග අදින්න පුළුවන් එක, image add කරන්නත් පුළුවන්, ඒ වගේම කරන වැඩ save කරන්නත් පුළුවන්, ඒකට නම් register වෙන්න වෙනවා.

gliffy_dhanushkablog

ඒ වගේම තව මේ වගේ site එකක් තියනවා.ඒකෙ නම Creately.එකෙනුත් මේ වගේ විවිධ වර්ගයේ diagrams අඳින්න පුළුවන්.

Share with your friends!

Leave A Comment

shares