Java ඉගෙනගන්න – 4 – class, method, variable

Share with your friends!

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ class, methods, variables කියන දේවල් ගැනයි ඒවා භාවිතා කරන විදියයි.object oriented programming (OOP) වලදීත් කතා කරන ප්‍රධාන දේවල් තමයි මේවා.එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

Class

class එකක් කියන එක ක්‍රම කීපයකට විස්තර කරන්න පුළුවන්.වඩාත් පැහැදිලි විදියට කියනවා නම් class එකක් කියන්නේ template එකක්, එහෙම නැත්තන් අනුරුවක් වගේ දෙයක්.තවත් විදියකට කියනවා නම් data type එකක්.class එකක් නිර්මාණය කරනවා කියන්නේ මොකක්හරි ආකෘතියක් හදනවා වගේ වැඩක්.මේ ආකෘතිය පාවිච්චි කරලා අපිට පුළුවන් තවත් මේ වගේ ආකෘති හදාගන්න.

class car{

 

}

මේ තියෙන්නේ java වලින් class එකක් define කරන විදිය.මේකෙදි කරලා තියෙන්නේ car කියලා class එකක් හදලා තියන ඒක.

Method

method එකකින් කරන්නේ class එකක් කොහොමද පවතින්න ඕන කියන ඒක විස්තර කරන ඒක.වෙනත් විදියකට කියනවා නම් ක්‍රියා කරන්න ඕන කොහොමද කියන එක.car කියන class එක ගත්තොත් drive කියන්නේ car එකෙන් කරන දෙයක්.එහෙම නැත්තන් මේ class එකෙන් කරන දෙයක්.ඒ වගේම brake, horn කියන දේවලුත් ඒ වගේ.මේවා හදුන්වන්නේ behaviors කියලා.

class car{
    void drive(){
      //some code here
    }

    void brake(){
      //some code here
    }
}

method එකක් define කරන්නේ මේ විදියට, මේවා ගැන වැඩිදුර ඊළග පොස්ට් වලදී කතා කරමු.

variable 

variable එකක් කියලා කියන්නේ container ඒකක්.ඒ කියන්නේ data store කරලා තියාගන්න පුළුවන්.java වලදී හැම variable එකකටම data type එකක් තියෙන්න ඕන.මේවට attributes, එහෙම නැත්තන් features කියලා කියනවා.

class car{

    string color = "red";
    int seats = 5;
    boolean isBroken = false;

    void drive(){
      //some code here
    }

    void brake(){
      //some code here
    }
}

මේකෙදි color කියන variable එකේ car එකේ color එක store කරලා තියනවා.ඒ වගේ අනිත් ඒවත් seat ගාන, car එක කැඩිලද කියන එක store කරලා තියනවා.ප්‍රධානම දේ වෙන්නේ data type එක define කරන්න ඕන.ඒ වගේම variable එකක value එක වෙනස් කරන එකත් වැදගත්.

class car{

    string color = "red";
    int seats = 5;
    boolean isBroken = false;
    
    color = "green";
    void drive(){
      //some code here
    }

    void brake(){
      //some code here
    }
}

මෙතැනදී color variable එකට ආයෙත් color එකක් assign කරලා තියනවා.එතැනදී data type එක ඕන වෙන්නේ නෑ, ඒක කලින් define කරපු නිසා.ඒත් කලින් define නොකරපු එකක් මේ විදියට ලිව්වොත් error එකක් එනවා  <identifier> expected කියලා.

මේ දේවල් ගැන මේ පොස්ට් එකෙන් මූලික අදහසක් ගන්න පුළුවන්.මේ දේවල් එකින් ඒක ඊළග පොස්ට් වලදී විස්තර කරන්නම්.

Share with your friends!

Leave A Comment

shares