CDN කියන්නේ මොකද්ද ??

Share with your friends!

CDN කියන වචනේ web designing වගේම web developing වලදීත් නිතර අහන්න ලැබෙන දෙයක්.කලින් twitter bootstrap – 1 පොස්ට් එකේදිත් කිව්ව නිසා විස්තර කරලා ලියන්න හිතුවා.CDN කියන එකේ තේරුම Content Delivery Network කියන එක.නමේ තියන විදියටම මේකෙන් කරන්නේ contents deliver කරන එක.user කෙලින්ම origin server එකත් එක්ක, එහෙමත් නැත්තම් parent server එකත් එක්ක connect නොවී ඒ වෙනුවට node එකක් එක්ක connect වෙනවා.අදාළ server එකත් එක්ක connection එක තියාගන්නේ එකිනෙක බැඳුනු ජාලය විසින්.

cdn-example-dhanushkablog

CDN එකක් කියන්නේ ප්‍රධානව ගත්තොත් ලෝකය පුරා විහිදුණු ජාලයක්.ඒ කියන්නේ server nodes විශාල ප්‍රමාණයක් තියනවා ලෝකය පුරා විහිදුනු.මේවා හඳුන්වන්නේ CDN nodes නැත්තන් Edge Servers කියලා.මේ හැම node එකකම site වල Java Script files, images වගේ දේවල් cache වෙලා තියනවා.මේ නිසා site loading time එක ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙලා තියනවා.මේ හේතුව නිසාම ලෝකය පුරා පැතිරුණු ජාලයක් දක්වා ව්‍යාප්ත වෙලා තියනවා.google, Akamai, maxcdn වගේ CDN විශාල ප්‍රමාණයක් මේ වෙද්දී තියනවා.user කෙනෙක් site request එකක් යැව්වම දුර අනුව ලඟම තියන Node එකෙන් අදාළ content deliver කරනවා.මේ නිසා තමයි කලින් කිව්ව අඩු loading time එකක්, එහෙමත් නැත්තම් response time එකක් ලැබෙන්නේ.

cdn-region-specific-dhanushkablog

 

මේ විදියේ nodes නැති උනා නම් user කෙලින්ම main server එකෙන් තමයි data ගන්න ඕන.ඒකට සැලකිය යුතු වෙලාවක් යනවා.මේක අවම කරගන්න තමයි මේ විසදුම නිර්මාණය වුනේ.නමුත් මේකේ වාසි වගේම අවාසිත් තියනවා.මේ තියෙන්නේ ඒ වගේ link එකක්.

<script src="//ajax.googleapis.com/ajax/libs/angularjs/1.2.22/angular.min.js"></script>

 

  • CDN වල වාසි 

ප්‍රධානම වාසිය වෙන්නේ කලින් කිව්ව speed එක, ඒක තමයි අංක එක වෙන්නේ.හේතුව අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවට වැඩිය හොඳ මට්ටමේ servers, CDN company වලට තියන එක.

site testing වලදීත් ගොඩක් වටිනවා, මොකද අලුතෙන් file add කරන්න දෙයක් නැති නිසා.අපිට තියෙන්නේ link එක use කරන්න විතරයි.

අපි මේ node වලට direct වෙන්නේ අපේ ISP හරහානේ, ගොඩක් වෙලාවට ISP ගේ severs වල මේ files cache වෙලා තියනවා.ඉතින් response time එක තවත් අඩු වෙනවා.

මේ files වලට new version එද්දී ඒවා update කරන ඒවා, maintaining කරන්නේ CDN එකෙන්.අපිට කරන්න තියන වැඩ ප්‍රමාණය අඩු වෙනවා වගේම, ඒවා ගැන කරදර වෙන්න දේකුත් නැහැ.

මේ දේවල් තමයි වාසි කියලා කියන්න පුළුවන්.නමුත් මේවා වල අවාසිත් තියනවා.කොහොම උනත් මේ දේවල් වෙන්න තියන ඉඩ නම් මේ වෙද්දී හරිම අඩුයි.

  • CDN වල අවාසි 

CDN එකෙන් file වල change එකක් උනොත් හැමදේම වරදිනවා.මේක තමයි ප්‍රධානතම අඩුපාඩුව.

CDN එකෙන් file remove කරොත්, නැත්නම් CDN එක down උනොත් ඒකත් site එකට බලපානවා.

CDN එක files update කරත් ඒවා අපේ site එකත් එක්ක match නොවෙන්න පුළුවන්.එහෙම උනොත් site එක හරියට preview වෙන්නේ නැහැ.

අනිත් දේ තමයි developing වලදී use කරත් internet connection එක නැතුව වැඩ කරන්නේ නැති එක.

 

මුල් දේවල් තුනම අමතක කරන්න පුළුවන් google, maxCDN වගේ හොඳ CDN එකක් use කරනවා නම්.හදිස්සියේ හිතිලා ලිව්වේ.තවත් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා, බලන අයගේ අදහස් තියනවා නම් ලියන්න හිතෙනවා නිතර නිතර.එහෙනම් අපි ගියා…. 🙂

Share with your friends!

2 comments

Leave A Comment

shares