Localhost directory එක වෙනස් කරන්නේ කොහොමද ?

Share with your friends!

කලින් mysql, apache install කරන පොස්ට් එකේ කියලා තියන විදියට apache server එක install කරාට පස්සේ test කරලා බලන්න පුළුවන් browser url එකේ localhost කියලා type කරලා. එත් localhost directory එක විදියට default තියෙන්නේ /var/www/html/ directory එක.

term

මෙතැනදී browser එකෙන් localhost එකට ගියොත් තියෙන්නේ මේ වගේ එකක්.

apache2-localhost

මේක වෙන්නේ localhost directory එකේ තියන index.html එක view වෙන නිසා.

එත් development වලදී අපි වෙන wenama folder use කරන්නේ. මේ නිසා /var/www/html/ කියන එක /var/www/ වලට වෙනස් කරගන්න ඕන. මේක කරන්නේ කොහොමද කියලා තමයි මේ පොස්ට් එකේ විස්තර කරන්නේ.

මුලින්ම terminal එකෙන් apache folder එකට යන්න ඕන.

cd /etc/apache2/sites-enabled

term2

මේකේ තියනවා 000-default.conf කියලා file එකක්. ls command එකෙන් බලන්න පුළුවන්නේ folder එකේ content එක.

term21

දැන් root privileges අරගන්න ඕන terminal එකෙන්.

sudo su

දැන් password එක අහයි. ඒක දෙන්න. දැන් root එකෙන් ලොග් වෙලා ඉන්නේ. root එකෙන් කිව්වම දන්නවනේ කැමති ඕන දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරලා දාන්න පුළුවන් කියලා. මේ කරන්න හදන්නෙත් ඒ වගේ වැඩක්.

term22

දැන් මේ file එකේ permission වෙනස් කරන්න හදන්නේ. එතකොට normal account එකෙන් උනත් edit කරන්න පුළුවන්. නැත්තන් ඉතින් linux යකා මේ වැඩ වලට අවසර දෙන්නේ නෑනේ.

chmod 755 000-default.conf

file permission ගැන සේරම දේවල් වෙන පොස්ට් එකකින් කියන්නම්. දැනට මේකෙන් වැඩේ කරගමු. 🙂

term23

දැන් කරන්න තියෙන්නේ file එක open කරන එක. ඒක terminal එකේ ඉදගෙනම කරන්න පුළුවන් මෙහෙම.

nano 000-default.conf

root එකේම ඉන්නවා නම් මේක ගහන්න, නැත්තන් ඉස්සරහට sudo කියලා දාගන්න.
term24

මේ file එකේ තියනවා DocumentRoot කියලා එකක්. මෙතන තමයි ඒ directory එකේ ලියලා තියෙන්නේ. මෙතෙන්ට කැමති directory එකක් දුන්නම ඒක තමයි localhost එක වෙන්නේ. මම දිගටම මේ directory එකම use කරනවා අන්තිමට තියන html එක අයින් කරලා.

term25

/var/www කියන directory එක තමයි මගේ localhost එක දැන්.

term26

දැන් ctrl + x වලින් exit වෙන්න හදද්දී අහනවා changes save කරන්නද කියලා. එකට y දීලා දෙපාරක් enter press කරන්න. ඊටපස්සේ apache server එක restart කරගන්න ඕන.

sudo service apache2 restart

term27

දැන් browser එකෙන් localhost එකට ගියාම තියෙන්නේ මේ වගේ එකක්. server එකට add කරන web sites/ applications වල folders මෙතන display වෙනවා. folder එක click කරලා run කරන්න පුළුවන් මෙතන ඉඳන්.

term28

 

දැන් වැඩේ ඉවරෙටම ඉවරයි… 😛

 

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

FOSS වලට ජයවේවා !!

Share with your friends!

1 comment

Leave A Comment

shares