Ubuntu 14.04 වලට KDE දාමු

Share with your friends!

Ubuntu කියන්නේ හැමෝම දන්න Linux OS එකක්නේ. එකේ default එන්නේ Unity Desktop Environment එක. Desktop Environment එකක් කියන්නේ සරලව කියනවා නම් අපිට පෙන view එක. OS එක run වෙන්නේ ඊට යටින්. ඒ වගේම මේ Desktop Environment එක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. මේ කියන්න හදන්නේ ඒ වගේ ජනප්‍රිය Desktop Environment එකක් install කරගන්න විදිය; KDE. KDE කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් දෙනෙක් use කරන  DE එකක්. Ubuntu වල default එන Unity මෙන්න මේ වගේ.

ubuntu-desktop

දැන් කරන්න යන්නේ මේ වෙනුවට KDE install කරගන්න එක.

sudo apt-add-repository ppa:kubuntu-ppa/next-backports
sudo apt-get update
sudo apt-get dist-upgrade
sudo apt-get install kubuntu-plasma5-desktop

මේකෙන් පස්සේ logout වෙන්න.

LightDM_1.2.1

මෙතන click කරාම දැනට install කරලා තියන DE list එක එනවා. ඒකෙන් KDE select කරන්න. දැන් කලින් විදියටම password දීලා login වෙන්න. ඊටපස්සේ මේ වගේ UI එකක් load වෙයි.

dhanushka-blog-kde dhanushka-blog-kde-1

 

Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. – Steve Ballmer

FOSS වලට ජයවේවා !!

Share with your friends!

2 comments

Leave A Comment

shares