Angular JS මුලසිට – 1

Share with your friends!

ගොඩක් කාලෙකින් article එකක් දාන්නත් බැරි උනා. ඉතින් කාලෙකට පස්සේ ලියන්න කල්පනා කරේ AngularJS ගැන. කලින් ඉඳලම ගොඩක් විස්තර කරලා ලියන්න හිතන් හිටියත් වැඩත් එක්ක මග හැරුනා. Angular ගැන කියනවා නම් මේ වෙනකොට web / front-end developer කෙනෙක් දැනගෙන ඉන්නම ඕන කරන දේවල් වලින් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. Client-side Javascript Framework එකක්. මේක Google සමාගමේ project එකක්. තව දුරටත් කියනවා නම් dynamic web apps develop කරන්න තමයි use කරන්නේ. මොනවද මේ dynamic web apps කියන්නේ කියලා පස්සේ විස්තර කරන්නම්.


සමහර web site තියනවා ඒවා වල content එක හැමදාම විදියට තියෙන්නේ. වෙනස් වෙන්නේ නෑ. මේ වගේ website වලට කියන්නේ static websites කියලා. උදාහරණයක් විදියට මේ codepen එක බලන්න පුළුවන්. web content එක නිතර වෙනස් වෙනවා නම් ඒ වගේ website හඳුන්වන්නේ dynamic web sites කියලා. උදාහරණයක් විදියට මේ codepen එක බලන්න පුළුවන්. dynamic content එකේදී නිතරම view එක, එහෙමත් නැත්තන් page එක update වෙනවා. මේක කරන්න use කරන්නේ Javascript. Javascript වලින් කරන මේ වැඩේ තව ටිකක් දියුණු කරලා, features add කරලා තමයි AngularJS, BackboneJS, ReactJS වගේ framework හදලා තියෙන්නේ. සරලව ඕකයි Angular ගැන කියනවා නම්.

දැන් බලමු මොනවද මුලින්ම දැනගෙන ඉන්න ඕන කියල මේ වැඩේ පටන් ගන්න.

  • HTML & CSS
  • Javascript

Angular use කරද්දී තියන වාසි සහ ලේසි දේවල් වෙන්නේ මේවා.

  • Easy to organize scripts
  • fast and responsive web apps
  • easy to test and maintain

අපි නිතර use කරන Google Drive, Gmail develop කරලා තියෙන්නේ AngularJS වලින්.

මුලින්ම මේ දේවල් ටික download කරගන්න.

දැන් වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් ටික හරි. download කරගන්නේ නැතුව CDN වලින් use කරන්නත් පුළුවන්. ඉතුරු වැඩ ටික next article එකේ බලමු.

Share with your friends!

Leave A Comment

shares