Dr Racket – 1- Introduction

Share with your friends!

Racket කියලා කියන්නේ Programming Language එකක්.මේ language එකේ වැඩ කරන්නේ DrRacket කියන  programming environment එකේ.මේක මුලින්ම හදුන්වලා දීලා තියෙන්නේ 1994/1995 කාලයේදී දී  PLT Inc. එකෙන් PLT Scheme කියන නමින් DrScheme කියන  programming environment එකත් එක්ක.මේකත් Cross-platform කියන වර්ගයට අයිති Java, Python වගේම.scripting, general-purpose programming, computer science education, research වගේ දේවල් වලට තමයි භාවිතා කරන්නේ වැඩිපුරම.2010 ජුනි 7 වෙනිදා Scheme කියන නම Racket කියලා වෙනස් කළා.DrScheme කියන නමත් DrRacket වලට වෙනස් උනා මේ  නිසා.අද අපි භාවිතා කරන්නේ මේ Racket Language එක.ඒ වගේම Racket කියන්නේ prefix language එකක්.මුලින්ම මෙතනින් Racket අරගන්න.Racket, DrRacket කියලා application දෙකක් install  වෙලා ඇති අලුතෙන්.දැන් DrRacket කියන application එක open කරගන්න.Racket කියලා කියන්නේ windows වල command promt එක වගේ එකක්.නමුත් DrRacket වලින් ඉගෙන ගන්න ලේසියි.

DrRacket open කරාම මේ වගේ code එකක් ඇති.

#lang racket

 නැත්තන් පහල විදියට select කරගන්න පුළුවන්.type කරත් හරි.මේකෙන් තමයි language එක අදුරගන්නේ.

මේ language එකේදී හැම code එකක්ම තියෙන්න ඕන වරහන් ඇතුලේ පහල තියන පිළිවෙලට.

(OPERATIOR x y z)

OPERATIOR – code එකේදී කරන්න ඕන දේ.

x,y,z – මේ තියෙන්නේ අපි කරන වැඩේට ගන්න දේවල්.භාවිතා කරන operator එකට ගැලපෙන ගණනක් elements තියෙන්න ඕන.නැත්තන් program එක වරදිනවා.

පැහැදිලි මදි වගේ නම් මේ උදාහරණේ බලන්න.

23,56 කියන සංඛ්‍යා දෙක එකතු කරනවා නම්, සාමාන්‍ය විදියට ලියන්නේ 23+56 කියලනේ.කලින් කිව්වා වගේ prefix language එකක් නිසා operator එක මුලින් තියෙන්න ඕන.එතකොට මේ විදියට වෙන්නේ.

+ 23 56

මේක Racket වලදී වෙන්නේ දෙපැත්තට වරහන් දෙකක් එකතු වෙන එක.

(+ 23 56)

මේ වගේ calculation එක්ක තියන code එකකදී නම් මුලින් mathematical syntax එක prefix විදියට ලියාගෙන කරන එක.මේ වගේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන ගණිත කර්ම කරන්න පුළුවන්.දැන් බලමු එතනින් එහාට මේ language එකේ තියන දේවල් මොනවද කියලා.

1.

(sqr x)

මේ operator එක භාවිතා කරන්නේ යම් සංඛ්‍යාවක දෙවන බලය, එහෙමත් නැත්නම් වර්ගය අරගන්න.x කියන්නේ අපිට වර්ග කරගන්න ඕන සංඛ්‍යාව.උත්තරේ වෙන්නේ  X2.

2.

(modulo x y)

මේ operator එකෙන් පුළුවන් x කියන අගය y වලින් බෙදුවම ශේෂය ගන්න.

3.

(round x)

මෙතැනදී x  කියන්නේ භාග සංඛ්‍යාවක්, දශම සංඛ්‍යාවක් වෙන්න ඕන.මේකෙන් කරන්නේ ආසන්න පුර්ණ සංඛ්‍යාවට වටයන එක.

4.

(min x y z)

x,y,z වෙනුවට කැමති අගයන් ගණනක් දෙන්න පුළුවන්, මේ අගයන් වලින් කුඩාම අගය ගන්න පුළුවන්  මේ operator එකෙන්.

5.

(max x y z)

කලින් එක වගේ මේකත්.වැඩිම අගය ගන්න පුළුවන්.

6.

(expt x y)

මේකෙන් වෙන්නේ x වල y බලය කියන අගය දෙන එක.Xyවිදියට.

7.

(gcd x y z)

මේ operator එක මහා පොදු සාධකය ගන්න භාවිතා කරන්නේ.


 

මේ දේවල් වලින් කීපයක් භාවිතා කරලා උදාහරණයක් පෙන්නන්නම්.

(45+(23))(6*8) කියන එකට අදාළ උත්තරේ Racket වලින් ගන්න විදිය බලමු.

මුලින්ම ගාණ (45+(23)) හා (6*8)  විදියට වෙන් කරගන්න පුළුවන්.එක කොටස ගානේ විස්තර කරන්නම්.

(45+(23)) කියන කොටසේ,

45ට දෙකේ තුන්වෙනි බලය එකතු වෙලා තියනවා.මෙතැනදී operator එක වෙන්නේ එකතු කිරීම.ඒක මේ විදියට ලියන්න පුළුවන්.x කියන්නේ 23 කියන අගය වෙනුවට ගත්ත එක.මෙතනත් සුලුකිරීමක් තියන නිසා.

(+ 45 x)

23 කියන එක මේ විදියට ලියන්න පුළුවන්.

(expt 2 3)

දැන් x වෙනුවට මේක දාන්න පුළුවන්.

(+ 45 (expt 2 3))

දැන් බලමු අනිත් කොටස.(6*8) කියන අගය මේ විදියට ලේසියෙන්ම ලියන්න පුළුවන්.

(* 6 8)

කොටස් දෙකම හරි දැන්.මේ කොටස් දෙක ගුණ වෙලා තියෙන්නේ.කොටස් දෙක a,b කියලා ගත්තොත්,

(* a b)

විදියට ලියන්න පුළුවන්.කරන්න තියෙන්නේ a,b වෙනුවට අර කොටස් දෙක දාන එක විතරයි.

(* (+ 45 (expt 2 3)) (* 6 8))

මේ විදියට තමයි Racket වලින් code කරන්නේ.

String එක්ක Racket වලින් වැඩ කරන විදිය මීලග පොස්ට් එකේදී බලමු.

Share with your friends!

2 comments

Leave A Comment

shares